ceb logo
ceb logo

ආලෝක කරණයේ දී දතයුතු කරුණු

  • ප්‍රයෝජනයට නොගන්නා අනවශ්‍ය විදුලිපහන් නිවා දමන්න.
  • සාමාන්‍ය විදුලි බුබුළු වෙනුවට 80% ක විදුලි ඉතිරියක් ඇති බලශක්ති ලේබලය සහිත CFL විදුලි පහන් භාවිතා කරන්න. (CFL පහන් සඳහා බලශක්ති ලේබලය 2009 ජුලි 22 දින අංක 1611/10 දරන රජයේ ගැසට් පත්‍රය මඟින් අනිවාර්ය කර ඇත.
  • දිවා ආලෝකයෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න. නිවාස ඇලසුම් කිරීමේ දී ස්වාභාවික ආලෝකය උපරිම ලෙස නිවාස තුළට ලැබෙන පරිදි දොර, ජනේල ස්ථානගත කරන්න.
  • විදුලි බුබුළු නිරන්තරයෙන් දුවිල්ල පිසදමා පිරිසිදු කරන්න. එවිට පහනෙන් උපරිම ආලෝකය ඔබට ලබාගත හැක.
  • බිත්ති, සිවිලිම, තිර රෙදි ආදිය සඳහා ලා වර්ණ භාවිතා කරන්න. ලා වර්ණ මඟින් ආලෝකය පරාවර්තනය වේ.
  • අවශ්‍ය ස්ථානයට පමණක් ආලෝකය ලබාගන්න. එවිට අඩු වොට් අගයකින් යුතු පහන් ඔබට සැහේවි. උදාහරණ ලෙස පාඩම් කරන විට මේස ලාම්පුවක් භාවිතා කරන අන්දමට අවශ්‍ය තැනට පමණක් ආලෝකය යොමු කරන්න.
  • ප්‍රතිදීප්ත පහන් (ටියුබ්/ලයිට්/Fluorescent Lamps) වඩා කාර්යක්‍ෂම තුලබරු සමඟ භාවිතා කරන්න. ඉලෙක්ට්‍රෝනික තුලබරු (Electronic ballast) වඩාත් බලශක්ති කාර්යක්‍ෂම වේ.
  • CFL වලටත් වඩා වැඩි කාර්යක්ෂමතාවයකින් හා වැඩි ආයු
  • කාලයකින් යුත් LED ලාම්බු ද දැන් වෙළඳපොළේ ඇත. ඒවා සාමාන්‍ය ආලෝකකරණය සහ සැරසිලි සඳහා ආදි වශයෙන් වර්ග දෙකකින් ඇත.

වායුසමිකරණ යන්ත්‍ර භාවිතයේදි දී දතයුතු කරුණු

  • හැකි සෑම විටම වායුසමිකරණ යන්ත්‍ර වෙනුවට විදුලි පංකා භාවිතයට හුරු වන්න.
  • වායුසමිකරණ කළ කාමරවල දොර ජනේල් තුළින් ඇතුළත වාතය පිට නොවන ලෙස හොඳින් වසා තබන්න.
  • වායුසමිකරණ කළ කාමර තුළට කෙළින්ම හිරු රැස් වැටේ නම් තිර රෙදි දැම්ම හෝ තුරුලතා වැවීම තුළින් එම තත්ත්වය වළක්වා ගන්න. වායුසමීනරණ යන්ත්‍ර ගොඩනැගිල්ලේ වැඩියෙන්ම සෙවණ ඇති පැත්තේ සවිකරන්න.
  • වාහුසමිකරණ යන්ත්‍රයක් මිලදී ගැනීමේදි නිවසේ අවශ්‍යතාවයට ගැලපෙන ධාරිතාවයෙන් යුත් යන්ත්‍රයක් තෝරා ගන්න.
  • උෂ්ණත්වය පාලනය 26ට පිහිටු වන්න. 1 ක අඩුවීමක් සඳහා වියදම් 40% කින් වැඩිවේ.

රූපවාහිනිය භාවිතයේ දී දතයුතු කරුණු

  • රූපවාහිනිය නරඹා අවසානයේ දුරස්ථ පාලකය මඟින් පමණක්ම නොව රූපවාහිනියේ ස්විචිය මඟින් ද නිවා දමන්න. එසේ නොමැතිව දුරස්ථ පාලකය මඟින් පමණක්ම එය ක්‍රියා විරහිත කිරීම Stand by මඟින් වර්ණ රූපවාහිනියක් සඳහා වොට් 18-25ත් අතර විදුලිය වැයවීමක් සිදුවේ.
  • රූපවාහිනිය නරඹන විට නිවසේ අනෙකුත් අනවශ්‍ය ස්ථානවල විදුලි පහන් නිවා දමන්න.

රෙදි සෝදන යන්ත්‍ර භාවිතයේදී දතයුතු කරුණු

  • නිවසේ සේදුම් අවශ්‍යතාවයන්ට සරිලන ප්‍රමාණයේ රෙදි සෝදන යන්ත්‍රයක් මිලදි ගන්න. පුද්ගලයන් 4-6 සහිත පවුලකට කි.ග්‍රෑ. 5ක ඒකකයක් සෑහේ.
  • අනවශ්‍ය ලෙස වැඩි වාර ගණනක් රෙදි සෝදන යන්ත්‍රය භාවිත කිරීමෙන් වළකින්න. දින කිපයක රෙදි එකවර සෝදන්න. අනුමත බරට වඩා අතිශයින් වැඩි හෝ අඩු බරින් යන්ත්‍රයට පැටවීමෙන් වළකින්න. එමඟින් කාර්යක්ෂමතාව අඩුවේ.
  • වියළිමේ යන්ත්‍රය භාවිතය සීමාකර හැකි සෑම වාටම රෙදි වියළිම සඳහා හිරු එළිය ප්‍රයෝජනයට ගන්න.
  • කේන්ද්‍රිය කලතනයක් (Central Agitator) නැති යන්ත්‍ර බලශක්ති අඩුවෙන් පරිභෝඩනය කරන බැවින් එවැනි යන්ත්‍රයක් මිලට ගන්න.

විදුලි පංකා භාවිතයේදී දතයුතු කරුණු

  • විදුලි පංකා වෙනුවට ස්වාභාවික වාතාශ්‍රය ලැබෙන පරිදි නිවසේ දොර ජනලේ තීර රෙදි සකසා ගන්න.
  • සිවිලිං විදුලි පංකා භාවිතය සීමා කරන්න. ඒ වෙනුවට අඩු බලශක්තියක් වැයවන මේස විදුලි පංකා හෝ පෙඩෙස්ටල විදුලි පංකා භාවිත කරන්න.
  • විදුලි පංකා සඳහා ස්වයංක්‍රීය ඉලෙක්ට්‍රෝනික පාලක සවිකර ගන්න.
  • කිසිවෙක් කාමරයේ නොමැති විට අනවශ්‍ය පරිදි විදුලි පංකා ක්‍රියාත්මකව තැබිමෙන් වලකින්න.

ශිතකරණය භාවිතයේදී දතයුතු කරුණු

  • ශිතකරණයේ දොර නිසි පරිදි වායුව පිටනොවන ලෙස වසා තබන්න.
  • ශිතකරණය අරින සහ වසන වාර ගණන හැකි තරම් අඩු කරන්න. බාහිර පරිසරයේ ඇති උණුසුම් වාතය ශිතකරණයතුළට ඇතුළු වීමෙන් ශිතකරණයේ විදුලි පරිභෝජනය වැඩිවේ.
  • ශිතකරණයේ පිටුපස කොටස සෘජු සුර්යාලෝකයේ හෝ උණුසුම් පරිසරයකින් බාහිරව ශිතකරණය තබාගන්න.
  • ශිතකරණය පිටුපස කොටසට හොඳ වාතාශ්‍රයක් ලබා දීම සඳහා ශිතකරණය හා බිත්තිය අතර අඟල් 10 ක් වත් පරතරය තබාගන්න.
  • ශිතකරණය තුළ උණූසුම් ආහාර තැබිමෙන් වළකින්න. උණුසුම් ආහාර කාමර උෂ්ණත්වයට පැමිණී පසු ශිතකරණයට දමන්න.
  • අධිශිතකරණ කුටිය තුළ ද්‍රව්‍යයන් නැති විට සිසිල්විම අඩුම මට්ටමට සීරුමාරු කරන්න. අධිශිත කිරිමට අවශ්‍ය දේවල් තිබෙන විට උෂ්ණත්ව පාලකය 40% මට්ටමට සීරුමාරු කරන්න.
  • පිසීමට අවශ්‍ය අධිශිතකරණ කුටිය තුළ ඇති ආහාර පැය 10-12 කට පමණ පෙර ඉන් ඉවතට ලෙන සාමාන්‍ය ශිතකරණ කුටියේ තබන්න. එවිට වැයවන විදුලිය අඩු වේ.
  • එළවළු, පළතුරු ආදි ආහාර පොලිතින්වල ඔතා ශිතකරණයේ අසුරන්න. දියර වර්ග වසන ලද බඳුන්වල තබන්න. එවිට ආහාර වලින් තෙතමනය මුදාහැරීම සිමාවන බැවින් විදුගි පරිභෝඩනය අඩු වේ.
  • අවශ්‍යම දේ පමණක් පිළිපෙලට ශිතකරණයේ අසුරන්න.
  • නිවසේ අවශ්‍යතාවයට ගැළපෙන ප්‍රමාණයේ ශිතකරණයක් මිලදි ගන්න.

රෙදි මැදිමේදි දතයුතු කරුණු

  • දිනපතා රෙදි මැදීම වෙනුවට දින කිහිපයක රෙදි එකවර මැදගන්න. දළ කපු රෙදි වර්ගවලින් පටන්ගෙන අවසානයේ දී සිනිඳු රෙදි මැදීමට යොමුවන්න. විදුලි සැපයුම විසන්ධි කර, රත්වු ස්ත්‍රික්කයේ පවතින තාපය ප්‍රෙයා්ඩනයට ගනිමින් සිනිඳු රෙදි මැදගත හැක.
  • රෙදි මදින ලෑල්ලට යටින් තුනී ඇලුමිනියම් කොළයක් තබන්න. ඒ මඟින් උෂ්ණත්වය පරාවර්තනය වන බැවින් දෙපැත්තෙන් එකවර ස්ත්‍රික්ක කෙරේ.
  • රෙදි මැදීම අතරතුර ස්ත්‍රික්කය පසෙකින් තබන විට එහි පතුල සිරස්ව තබන්න.
  • ස්වයංක්‍රීයව තාප පාලක ඇති ඉස්ත්‍රික්ක භාවිතා කරන්න.
  • තෙත රෙදි මැදීමෙන් වළකින්න.

 

ENERGY TIPS AT YOUR FINGER TIPS
 
Lighting Energy Star rated Compact Florescent Lamps (CFLs) should be the choice in household lighting applications. 
Use Linear Florescent Lamps (LFLs / tube lights) with electronic ballasts
Indoor lighting Make the best use of daylight 
Turn off unwanted lights 
Use task lighting 
Have light coloured interiors
Outdoor lighting Infrared sensors are relatively cheap so use them in security lighting systems 
Use dimmers, motion sensors, or occupancy sensors to automatically turn on or off lighting as needed
Television Usage Do not leave the TV set on standby power 
Have a fixed schedule for watching TV
Refrigeration Do not open the doors frequently
Store things in order to make it easy to pick them as you need 
Do not store hot food 
Ensure adequate space around the refrigerator to facilitate heat exchange through ventilation
Washing Machines Do not use it unnecessarily 
Use the spinner if only it is essential, otherwise opt to dry clothes in the sun 
Ironing Iron all clothes at once 
Keep the surface upright when ironing
Fans Pedestal fans and table fans are more energy efficient than ceiling fans
ACs Set the temperature of the AC to 26 degrees Celsius
Close all doors and windows and seal all air leaks when the AC is on 
Install a programmable thermostat 

 

Copyrights © CEB Western Province North. All Rights Reserved