ceb logo
ceb logo

වත්තල පාරි‍භෝගික මධ්‍යස්ථානයේ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

19 January 2017

වත්තල පාරි‍භෝගික මධ්‍යස්ථානයේ නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

පාරිභෝගිකයින් හට වඩාත් ඵලදායි සේවාවක් ලබාදීම පිණිස වත්තල පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ ඉදිකළ නව කාර්යාල ගොඩනැගිල්ල අතිරේක සාමාන්‍යාධිකාරි (බෙ.අං. 02) එම්.ඒ.ඩී.එන්. ග්‍රේෂන් මහතා සහ නි.සා (බපඋ) එම්.ටී.පී.ඩී. තන්තිරිමලගේ මහතා සහ අතින් 2017.01.19 දින සුභ මොහොතින් විවෘත විය. ඒ අනුව නූතන ගෘහ නිර්මාණ සංකල්ප අනුව ඉදිකල මෙම දර්ශනීය පාරිභෝගික සේවා මධ්‍යස්ථානය මෙලෙස ජනතා අයිතියට පත්විය.

නි.සා. (සැ. හා සං.-  බෙ.අං. 02 ) සී.ඒ.බී. කරුණාරත්න මහතා, නි.සා. (සබරගමුව) ආර්.ආර්. ජයරත්න මහතා, ප්‍රධාන ඉංජිනේරු (ජාඇල) ඩී.එම්.එන්.බී. දිසානායක මහතා සහ නඩත්තු ඉංජිනේරු (ජාඇල) කේ.ඒ.එල්. පෙරේරා මහතා ඇතුළු සේවක මහත්ම මහත්මීන් රැසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

Copyrights © CEB Western Province North. All Rights Reserved